සජිත්ගේ සංධානය රනිල් වර්ජනය කරයි! සමගි ජන බලේ ලොකුම පළුව හැළෙයි!

March 2, 2020 at 12:06 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අද (02) නිල වශයෙන් සමගි ජනබලවේගය සෙසු සුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සමග ගිවිසුම් අත්සන් කළේය.

ඒ කොළඹ නෙළුම් පොකුණු රඟහලේ පැවති උත්සවයකදීය.

කෙසේ වුවද මේ අවවස්ථාවට විපක්ෂයේ ප්‍රබලතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂ නායකයා සහභාගී වූයේ නැත.

රනිල් සහභාගී නොවුණ ද 95% එජාප සංවිධායකවරුන් සහ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

සන්ධානය ගොඩනැඟීමේ අවස්ථාවට ආරාධනා කළ ද තවමත් විසඳාගත යුතු ප්‍රශ්න ගණනාවක් ඇති බැවින් තමන්ට ඊට සහභාගී නොවන බව රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රී මාධ්‍ය වෙත පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස