මම නගරාධිපතිකමින් අස්කරන්න කාටවත් බෑ! ඡන්දෙදි රනිල් පිලට හරි සජිත් පිලට හරි උදව් කරන්නෙත් නෑ! – රෝසි

June 3, 2020 at 8:26 am | by emanisa.lk

මහජන ඡන්දයෙන් තෝරාපත් කරගත් තමා කිසිදු ආකාරයකින් නගරාධිපති තනතුරෙන් ඉවත් කළ නොහැකි බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

පක්ෂයේ නීති රෙගුලාසිවලට කිසිම දිනක පිටුපා නැති තමාට විරුද්ධව පක්ෂය විනය ක්‍රියාමාර්ග ගැනීමට යන බවට පැතිරී යන කටකතා පදනම් විරහිත බව පැවසූ ඇය, වර්තමානයේ එජාපය අයිතිකරගෙන සිටින බොහෝ පිරිසකට වඩා තමා එක්සත් ජාතික පක්ෂයට කැපවී සේවය කළ බවද පැවසුවාය.

එළැඹෙන මහ මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයටවත් සමගි ජනබලවේගයටවත් සහයෝගය නොදක්වා සිටීමට තීරණය කළ බව කියා සිටි නගරාධිපතිනිය සමගි ජන බලවේගයේ සිටින්නේ තමාගේ දේශපාලන සහෝදරයන් නිසා ඔවුන්ට විරුද්ධව දේශපාලනය කිරීමට තමාට නොහැකි නිසා තමා මෙම තීරණය ගත් බවද කීවාය.

එසේම තම පුත්‍රයා සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවත් ඔහුටද කිසිදු සහයෝගයක් නොදෙන බවද ඇය පැවසුවාය.

තමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පෞද්ගලිකව උපකාර කිරීමට පමණක් සහ තමන් එක් වාරයක් නගරාධිපති තනතුර දැරීමට පමණක් දේශපාලනයේ නිරත වන බව පැවසූ රෝසි සේනානායක ඉන්පසු තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස