රනිල් රාජපක්ෂලගේ ඉත්තෙක්! පක්ෂය කඩන්නේ රාජපක්ෂලා දිනවන්න! – මනූෂ

March 10, 2020 at 11:22 am | by emanisa.lk

සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස නිර්මාණය කිරිමට කෘත්‍යාධීකාරී මණ්ඩලයේ අනුමැතිය තිබියදී රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී මහ මැතිවරණයට තරග කරන්නේ රාජපක්ෂවරුන්ගේ උවමනාව අනුව බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

මේ වන විට රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ පදයට එක්සත් ජාතික පක්ෂය නටවන බවත් ඔහු පැවසීය .

ගාල්ලේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම සඳහා බද්දෙගම ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

පක්ෂ ක්‍රියාකාරීන් හමුවෙමින් කණ්ඩායම් රැස්වීම පවත්වමින් ඔහු විමසා සිටියේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ සමගි ජන බලවේගය යටතේ තරග කරනවාද, නැතිනම් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තරග කරනවාද යන්නයි.

එහිදී ගම් මට්ටමේ ජනතාවගේ අදහස වූයේ ලකුණ කුමක් වුවත්, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තරග කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස