මාස තුනෙන් කැඳවන්න ඕන අභිනව පාර්ලිමේන්තුවයි! එහෙම නැතිව විසිරුවා හළ පාර්ලිමේන්තුව නෙමෙයි! – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

April 22, 2020 at 5:56 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මාස තුනකින් කැඳවිය යුතු බව සඳහන් වන්නේ අභිනව පාර්ලිමේන්තුව මිස විසිරුවා හැරි පාර්ලිමේන්තුව නොවන බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) අ වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින විට අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනය එහි සඳහන් විය යුතුය. එහි සඳහන් වන්නේ අභිනව පාර්ලිමේන්තුව මිස පැරණි විසිරුවා හැරි පාර්ලිමේන්තුව නොවේ යැයි ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු කණ්ඩායම් විසින් නඟන ලද නීති තර්කයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස