ආණ්ඩුවේ යමපල්ලෝ මිලේනියම් ගිවිසුම අත්සන් කරයි! ඒ විනාශය නතර කරන්න වහාම එජාපය එකතු විය යුතුයි! – විජිතමුණි සොයිසා

February 15, 2020 at 10:41 am | by emanisa.lk

මහ මැතිවරණයට පසු ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර මහ විනාශයක් සිදුකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත් විජිතමුණි සොයියා පවසයි.

මේ කි‍්‍රයාත්මක වෙන්නේ අපායේ ඉන්ටවල් එක. දැන් යමපල්ලෝ නිදි. මහ මැතිවරණයෙන් පසුව යමපල්ලෝ නැගිටීවි. එම්. සී. සී. ඇතුළු අනෙකුත් ගිවිසුම් කි‍්‍රයාත්මක කොට ජනතා විරෝධී කටයුතු කරාවි යැයි ද හෙතෙම පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (14) පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

“මේ නිසා අපි එකමුතු විය යුතුයි. නැතිනම් කම්මුතුයි. අපේ පක්ෂයේ තිබෙන ප‍්‍රශ්න අපි අද අදම විසඳා ගත යුතුයි. නැතිනම් අපි කොහොමද ඡන්ද කරන්න ගමට යන්නේ. අද වන විට මේ ආණ්ඩුව යටතේ ජනතාවට කිසිම සහනයක් නෑ. සමාගම් කිහිපයකට විතරක් සහන ලැබිලා.

ආණ්ඩුවේ අය දෙකට බෙදිලා. ජනාධිපතිගේ වැඩ පිළිවෙළ කි‍්‍රයාත්මක කරන්න දෙන්නේ නෑ. ජනපතිගේ අණ නොතකා තමයි ආණ්ඩුව වැඩ කරන්නේ. මේ ආණ්ඩුවේ තිබෙන ගැටලු ළඟදීම පිපිරේවි. බොරු කරලා ලබා ගත්තු අණ්ඩුවක් මේක”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස