රු. ලක්ෂ 1300ක ජනතා මුදලින් කන ගමන් පාර්ලිමේන්තුවේ බොරු මාධ්‍ය සංදර්ශන එපා! මැති ඇමතිලා මහජන මුදලින් නොකා පාර්ලිමේන්තුවට බත් මුලක් බැඳගෙන එන්න! – මිහින්තලේ නාහිමි

February 1, 2020 at 10:23 am | by emanisa.lk

මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කැරට්, බීට්, අල, ඇට, හාල්, පොල් පාර්ලිමේන්තුවට ගෙන ඒම පසෙක තබා වසරකට රු. ලක්ෂ 1300ක මහජන මුදලින් කෑම කන මැති ඇමතිවරුන්ට හැකි නම් පාර්ලිමේන්තුවට එන විට නිවසින් බත් මුලක් රැගෙන විත් රටට ආදර්ශයක් ලබා දෙන ලෙස මිහින්තලේ රජමහ විහාරයේ පූජ්‍ය වලවාහැන්ගුණවැවේ ධම්මරතන හිමි ප්‍රකාශ කරයි.

වසරක් පාර්ලිමේන්තුව පැවැත්වීමේ දී මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ආහාර සඳහා රු. ලක්ෂ 1300ක් ද පානීය ජලය සඳහා රු. ලක්ෂ 100ක් ද වැය වන බව එහිමියන් පෙන්වා දුන්හ.

රු. කෝටි 13ක් වැය කර මැති ඇමතිලාට කන්න දෙන්නේ මොනවාද යන්න ගැටලුවක් බවත් වරප්‍රසාද ගොන්නක් ලබා ගන්නා අතර කෑම එකත් ජනතා මුදලින් ලබා ගැනීම පිළිබඳ ලැජ්ජ විය යුතු බවත් නාහිමියන් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස