ප්‍රසන්නගෙන් මැති ඇමති සනුහරේටම පාඩමක්! සැපට අඬන රාජ්‍ය ඇමති කෙහෙළියට කැබිනට් ඇමති කාර්යාලය දෙයි!!

December 20, 2019 at 4:57 pm | by emanisa.lk

තමාගේ අමාත්‍යංශ කාර්යාල පරිශ්‍රයේ පහසුකම් ප්‍රමාණවත් නොවන බවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කිරීම නිසා එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග තම කාර්යාලය කෙහෙළිය රඹුක්වැල්ලට ලබාදී පහසුකම් ප්‍රමාණවත් නැතැයි පැවසූ කෙහෙළිය රඹුක්වැල්ලගේ කාර්යාලයට ගොස් ඇතැයි වාර්තා වෙයි.

අද (20) ප්‍රසන්න රණතුංග එම කාර්යාලයේ වැඩ අරඹා තිබේ.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වැනි මහලේ ප්‍රසන්න රණතුංගගේ අමාත්‍යංශයට හිමිව තිබූ අතර කෙහෙළිය රඹුක්වැල්ට හිමිව තිබුණේ එහි 25 වැනි මහලේ පිහිටි කාර්යාලයයි.

කෙහෙලිය රඹුක්වැල්ල ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තම අමාත්‍යාංශ කාර්යාලයේ පහසුකම් පිළිබඳව දුක කියා තිබෙන බව කන වැකුණු ප්‍රසන්න රණතුංග මෙම පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයේ කටයුතු කළ ප්‍රසන්න රණතුංග 2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූ අතර ප්‍රථම පාර්ලිමේන්තු වාරයේදීම කැබිනට් ඇමති ධුරයක් දැරීමේ භාග්‍ය හිමි විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙයට පෙර ජනාධිපතිවරු දැරූ බොහෝ වරප්‍රසාද නැවත ජනතා සුභසාධනය සඳහා ලබා දීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස