මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වූ ලිපි තවම ජනපතිට ලැබී නෑ! නිල වාහන පෞද්ගලික කාර්ය මණ්ඩල හෝ වරප්‍රසාද අතහැර නෑ!

June 6, 2019 at 12:37 pm | by emanisa.lk

කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම එම ඇමැතිවරුන් කිසිවකුත් සිය නිල වාහන භාරදී නොමැති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කර ගෙන නැතැයි වාර්තා වේ. එම ලිපි ඊයේ (05) රාත්‍රීය වන තුරු ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී නොතිබුණු අතර පාර්ලිමේන්තුවේ ද ඉල්ලා අස් වූ මන්ත්‍රීවරු සුපුරුදු ඇමති ආසනවල අසුන් ගත්හ.

එසේම මෙම ඇමතිවරු අදාළ වාහන භාර දීමක් හෝ ලේකම්වරු ඉල්ලා අස්වීමක් හෝ පෞද්ගලික කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමක් ද සිදුව නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස