පාර්ලිමේන්තු ගැටුමට විපක්ෂයේ 5කට සහ ආණ්ඩුවේ 2කට නඩු!

February 9, 2019 at 1:55 am | by admin

පසුගිය වසරේ නොවැම්බර් මස දින තුනක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුට නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණ කර තිබේ.

ඒ අනුව ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත, රංජන් රාමනායක, පාලිත තෙවරප්පෙරුම, ආනන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරෙනු ඇත.ඉතිරි මන්ත්‍රීවරු 52ට නඩු පැවරීමක් සිදු නොවන අතර ඔවුන්ට ලබා දෙන දඬුවම් ඉදිරියේදී තීරණ කෙරේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස