රනිල් ඉල්ලන වරප්‍රසාද ලැයිස්තුව මෙන්න! අගමැතිට යැවූ ලිපිය ජනපති අවධානයට!

December 4, 2019 at 9:28 pm | by emanisa.lk

විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප‍්‍රසාද ලබාදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ ලේකම්වරයා ද, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇති බව දේශපාලන ආරංචි පවසයි.

වෙඩි නොවදින මෝටර් රථයක්, පොලිස් වාහන 09 ක්, ගිලන් රථයක්, අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 08 ක්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හිටපු අගමැතිවරයා ඉල්ලා ඇති වරප‍්‍රසාද අතර වේ.

එයට අමතරව හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇණි, නිල නිවසක්, කාර්යාල පරිශ‍්‍රයක් සහ ලේකම්වරයෙකු ද ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස