හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ සාමාජිකයන් ඩුබායි බලා පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි. ඩුබායි ආරංචි මාර්ග පවසන්නේ ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බවය.
මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි වෙත පිටත්ව ගිය බව රජයට වාර්තා වී නොතිබිණි. මේ අතර පසුගිය පාස්කු ඉරිදා ප්රහාරයට අදාළව ඉන්දීය රජය කළ අනතුරු ඇඟවීම යුද හමුදාවට ද ලැබී තිබූ බව දැන් හෙළි වී ඇත.
පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔහු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ අතර එ් එජාප මන්ත්රීවරයකු සතු පක්ෂයකිනි. එහි අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද කැඩීම සඳහා බවට චෝදනා නැඟිණි.
කෙසේ වුවද ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ තම පක්ෂයට මහ මැතිවරණය සඳහා පදනම සකසා ගැනීමට බවය.