යූඇන්පිය දරුවෙක් මල්ලෙක් නැති රටට ඇල්මක් නැති කල්ලියක් අතට ගිහිල්ලා! සමසමාජේ වගේ අවසානය ළඟයි ! – විජේදාස

December 17, 2019 at 6:01 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ විනාශය ආරම්භ කළේ මට රකින්න පරපුරක් නැත ඔටුණු පළන්දන්න කුමාරයෙක් හෝ කුමාරිකාවක් නැත කියන තැනින් දේශපාලනය ආරම්භ කළ ජේ.ආර්. ජයවර්ධන බව විජේදාස රාජපක්ෂ පවසයි.

එවැනි අදහස් සහිතව දේශපාලනයට එන පිරිසකගෙන් රට ගැන හෝ ජනතාව ගැන හැඟීමක් ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් එවැනි පිරිසක් අතට අද එජාපය පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේදී සමසමාජ පක්ෂය මෙන් එජාපය සිය දේශපාලන ගමන අවසාන කරනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස