එජාප ව්‍යවස්ථාව කැඩූ මන්ත්‍රීවරු 05ක් පක්ෂයෙන් පන්නයි! රතන හිමි ගැන තීන්දුවක් නෑ!

September 25, 2019 at 8:54 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලුත්ගමගේ යන අයගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ක‍්‍රියා කර ඇත. මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිතය.

පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සමග එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග කියා සිටී.

කෙසේ වුවද එජාප මතයට එකඟ නොවී ආණ්ඩු විරෝධි ස්ථාවරයක සිට කටයුතු කරන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පිළිබඳ එහිදී තීන්දුවක් ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස