20 ගේන්නේ නාමල් කපලා ජනපති පුතා රජ කරවන්න? ද්විත්ව පුරවැසි බාධාව ඉවත් කරලා ජනපති වයස 30 කළේ ඒකයි! – නලින් බණ්ඩාර විශේෂ හෙළිදරව්වක….

September 21, 2020 at 10:59 pm | by emanisa.lk

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රාජපක්ෂ පවුලට නොව ගෝඨාභය රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ගෙන ආ එකක් දැයි සැක සිතන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

ද්විත්ව පුරවැසිභාවයට තිබූ බාධා අහෝසි කරමින් ජනාධිපති අපේක්ෂක අවම වයස අවුරුදු 30 දක්වා අඩු කරන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

බොහෝ විට ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත්‍රයා ඉලක්ක කරගෙන විය හැති බවත් ඇතැම් විට ඊළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ පුත්‍රයා ඉදිරිපත් කරන්නේ දැයි සැක සහිත බව ද මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පත්කළ කමිටුවේ වාර්තාව කුණු කූඩයට විසි කර ඇති බව පැවසූ නලින් බණ්ඩාර මෙම සංශෝධනය ගැන ජනාධිපතිට සහ අගමැතිට එකඟතාවකට ඒමට නොහැකි නම් එය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇතැයිද කියා සිටියේය.

සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස