රට පුරා මාර්ගවල ඇති පැති බැමි සහ විවිධ වර්ගයේ පෝස්ටර් අලවා අපිරිසිදු කර ඇති තාප්ප පිරිසිදු කර සිතුවමින් අලංකාර කරන තරුණ පරපුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය Twitter ගිණුම ඔස්සේ සටහනක් තබා අගය කර තිබේ.
ජනාධිපතිවරයා එම තරුණ තරුණියන් වෙනුවෙන් සිය ස්තුතිය සහ සතුට පළකර තිබේ.
“තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමණක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් ඇත.
සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණ ගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි.”