මහින්ද නව අගමැති ලෙස කතානායක පිළිගනී! 18 වෙනිදා ගෝඨා-මහින්ද නව ආණ්ඩුවක්! එජාපයේ 24ක් ආණ්ඩුවට!

November 16, 2019 at 12:45 pm | by emanisa.lk

එළැඹෙන 18 වනදායින් පසුව නව ආණ්ඩුවක් පිහිටු වීම සඳහා සහයෝගය පලකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු එකඟතාව පලකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබද අවසන් සාකච්ඡාව බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකගේ නිවසේදී ඊයේ රාත්‍රියේ පැවති ඇති බවට වාර්තා වේ.

මෙම මන්ත්‍රී පිරිස සදහන් කර ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට බහුතර බලය පවත්වාගෙන යෑම සඳහා සහයෝගය ලබා දෙන බවයි.

එම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ තමනට විශ්‍රාම වැටුප් අහිමි වන බැවින් වසර 5ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට කටයුතු කරන ලෙසය.

පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්නේ නම් තමන් එය පිළිගැනීමට සූදානම් බව කතානායක කරු ජයසූරියද සඳහන් කර ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස