ළඟ චූන් සිංහලයෝ කොටසක් ළඟඳිම ගෝඨාට එරෙහි වෙනවා! භූමදානයට ඉඩ දීලා මුස්ලිම් ඡන්දවලින් හරි රට හදන්න ඕන!

December 24, 2020 at 2:24 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වෙයි.

“මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ. මට දැඩි විස්වාසයක් තියෙනව ගෝඨාභය මේ රට ⁣ගොඩ දානව කියල. ඔහුට ඒ අධිෂ්ඨානය තියෙනව. වැඩ පිළිවෙල තියෙනව. ඒත් වසංගතයත් එක්ක ගෝඨාභයට මුණ ගස්වල තියෙන්නෙ තීරණාත්මක අභියෝග ගොන්නක්. මේ වසංගතය ආර්ථිකය කරන බලපෑම යුද්ධය කළ බලපෑමට වඩා වැඩියි. යුද්ධය කාලෙවත් අපේ සංචාරක කර්මන්තය බිංදුවට වැටුනෙ නැහැ. ගාමන්ට් වහන්න වුනෙ නැහැ. විදෙස් ශ්‍රමික ආදායම් නැවතුනෙ නැහැ. ඒත් අද ඒ සේරම වෙලා.

මේ සේරම මැදිහත්ව තේරුම් ගන්න පිරිස් ලංකාවේ අද ඉතා විරලයි. ඒ නිසා එහි දේශපාලන මිළක් තිබෙනවා. ඒ මිළ ගෙවන ගමන් රට ගොඩ නගන්න වෙලා තියෙන්නෙ.

ගෝඨාභයට ඡන්දය දුන්න නාගරික මධ්‍යම පන්තියේ අති බහුතරය ගැන මම සත පහකට විස්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ දේශපාලනය මඩේ හිටවපු ඉනි වගේ. අනෙක ඔය ජාතිකවාදී කියල ලේබල් ගහගෙන ඉන්න සෙට් එක. අතිශයින්ම භයානක පිරිසක්. රොමැන්තික හීනවල තනිවෙලා ඉන්න මේ සෙට් එක දන්නෙ නැහැ ජාතිකවාදයේ ආර්ථික මොඩලය ධනවාදය කියල. ධනවාදයේත් අද තියෙන්නෙ නවලිබරල් පන්නය. මේකම පරස්පරයක්. ඉතිං ඔය ජාතිකවාදීන්ට “සෞභාග්‍යමත් හෙටක්” හදනකොට ධනවාදය ඇතුලෙ ගහන ගේම් සේරම ආණ්ඩුවට ගහන්න වෙනව. ධනවාදය කියන්නෙ පැකේජ් එකක් නෙ. කෑලි කඩල ගන්න බැහැ. ඉතිං ඒ “සෞභාග්‍යමත් ⁣හෙට” හැදුවෙ නැත්නම් මේ සෙට් එක ගෝඨාභයට බනිනව “අයියො කෝ ගෝඨාභය ආර්ථිකය හැදුවද? හාල් අච්චරයි පොල් මෙච්චරයි” කියල. “පඩි වැඩි ක⁣ළේ නැහැ”, බිස්නස් නැහැ” ව⁣ගේ කතා. හැබැයි ඒ ගේම ගහනකොට ඔය නාගරික පන්තියේ සියලු සිතුවිලිවලට එකඟවත් කරන්න ඕන. නැත්නම් විසුමක් නැහැ. හැබැයි ඒ අයගේ සිතුවිලියි ඔය ධනවාදයයි කියන්නෙ ම පරස්පරයක්. ඔන්න පටන් ගන්නව ගෝඨාභය කැලෑ එළිකරනව, මස් ෆැක්ටරි දානව වගේ දේවල් ඉස්සරහට දාලා. PPP වගේ දේවල්වලට විකුණනව කියල නම් කරල බනිනව.

ඉතිං මේ සේරම කරනකොට, මුල ඉඳල මේ වසංගතය මැද්දෙන් යහපාලුවන් විනාශ කරපු ආර්ථිකයක් කරේ තියන් දුවනකොට ඔය 69 ලක්⁣ෂෙ අර කියපු ළඟචූන් නාගරික, අතරමැදි පිරිසෙන් කොටසක් හැලෙනව. කාර් අනං මනං පූජා කරන්නෙ නැති හින්ද සමහර හාමුදුවරුවරුත් හැලෙයි. ඔය දැනුත් වෙලා තියෙන්නෙ. අන්න එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි. මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්. වසංගත කාලෙ මේක කොහොමහරි වත්තම් කරගෙන ගිහිල්ල ඒ අතර හැලෙන ඡන්ද ටික හැලෙන්න ඇරල, ඒ හැලෙන ඡන්ද ටික වෙනුවෙන් කවුරුහරි එකතු කරගෙන ආණ්ඩුව කරල මීයො අල්ලනව නම්, පූසා ප්ලාස්ටික් වුනත් මොකද කියල අවසානයේ ගෝඨාභය මේ රටේ ආර්ථිකය උස්සල තිබ්බොත් එහි ප්‍රතිලාභ මේ මුළු රටටමයි. ගෝඨාභය ඒක කරන බව විස්වාසයි.”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස