හැම මුස්ලිම් මිනිහම ISISකාරයෙක්! මුස්ලිම් ජාතිකයෙක් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කිරීම වැරදියි! – පාස්කු කමිටුවේ හකීම් සමග ඉඳගත් ෆොන්සේකා කියයි….

January 8, 2020 at 3:36 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ විවේචනයට පාත්‍ර වී තිබේ.

ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

සුරේෂ් සාලේ මුස්ලිම් ජාතිකයකු බවත් මේ වන විට ලංකාව ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන බවත් පවසන මන්ත්‍රීවරයා මේ නිසා බැඳියාවන් අතර ගැටුමක් හටගන්නේ යැයි පවසයි.

සන්නද්ධ බුද්ධි ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුරේෂ් සාලේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ අතර රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි ධුරයට හමුදා නිලධාරියකු පත්වූයේ ප්‍රථම වරටය.

කෙසේ වුවද පසුගියදා ප්‍රසිද්ධියට පත් වූ ශානි අබේසේකර සහ රංජන් රාමනායක දුරකතන සංවාදවලින් හෙළි වී ඇත්තේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා මැලේ මුස්ලිම් ජාතිකයකු වන සුරේෂ් සාලේ යහපාලන ආණ්ඩුවට සහාය නොදුන් නිසා ඔහු දැරූ ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස