වැඩබලන ආරක්ෂක ඇමතිවරයකු පත් නොකර ජනපති චීනය බලා ඉගිලෙයි?

May 13, 2019 at 11:06 am | by admin

තෙදින සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ. එහිදී ආසියානු ශිෂ්ටාචාරය සහ එහි විවිධත්වය රැක ගැනීම මැයෙන් වන සමුළුවක් සඳහා ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගත් විට මෙම සමුළුව එතරම් වැදගත් යැයි කිව හැකි අවස්ථාවක් ද නොවේ.

පසුගිය 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ද ජනාධිපතිවරයා තිරුපති වැඳ සිංගප්පූරුවට ගොස් තිබිණි. රටට ප්‍රහාරයක් එල්ල වූ බව දැනගත් පසු ද ජනාධිපතිවරයා යොදා ගත් ආකාරයටම බනානාලීෆ් අවන්හලින් දිවා ආහාරය ගෙන මුස්තාෆා සුපිරි වෙළෙඳසැලේ පවුල සමග ෂොපිං ගියේ යැයි ද ලංකාවට ආවේ ඉන් පසු පැමිණි 4 වෙනි ගුවන් යානයේ බවට ද සරත් ෆොන්සේකා චෝදනා කළේය.

එසේම රටේ හදිසි නීතිය ද පනවා ගැටලු සහගත තත්ත්වයක පැවතිය ද වැඩබලන ආරක්ෂක ඇමතිවරයකු පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළ බවක් වාර්තා වූයේ ද නැත. 2009 පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද විදේශ සංචාරවලට සහභාගී වන විට වැඩ බලන ආරක්ෂක ඇමතිවරයකු පත් නොකළ බව මීට පෙර ඒ ගැන විමසූ විට ඔහු පිළිතුරු දී තිබිණි

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ගතයුතු තීන්දු තීරණ ගැනීමට අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවීමට උත්සාහ කළ ද ජනාධිපතිවරයා ඒ සඳහා ද අවස්ථාව ලබා දී නොතිබිණි. ඒ අවස්ථාවේද වැඩබලන ආරක්ෂක ඇමතිවරයකු පත් කර තිබුණේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස