රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සභාපති හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
අදාළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රැවුල්කාරයන් දෙදෙනා එළියෙ සිටියදී මාධ්‍ය සාකච්චාවට උදවු පමණක් කළ හිටපු ඇමැතිවරයා පමණක් රිමාන්ඩ් භාරයේ තබන්නේ කුමක් නිසා දැයි ඔහු ප්‍රශ්න කරයි.
රජිත සේනරත්න යනු මේ රටේ ජනතාවට අති විශාල සේවයක් කළ පුද්ගලයෙක් යැයි ද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ හිටපු ඇමති රාජිත සේනාරත්න නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
කෙසේ වුවද රාජිත සේනාරත්න පාර්ශ්වය අදාළ පුද්ගලයන් දෙදෙනාට ලක්ෂ 20 බැගින් ලබා දී මෙම මාධ්‍ය හමුව සංවිධානය කළ බව ඔවුන් මෙයට පෙර පාපෝච්චාරණය කර තිබිණි.