සුදුවෑන් නළුවන්ට ලක්ෂ 10 ගාණේ බෙදූ රාජිතගේ ගෝලයා අත්අඩංගුවට!

December 31, 2019 at 11:46 am | by emanisa.lk

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අද(31) පෙරවරුවේ රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.

සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් නම් කර තිබුණි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට තමන්ට මොහොමඩ් රූමි විසින් රු. ලක්ෂ 10 බැගින් ලබා දුන් බව පාපෝච්චාරණය කර තිබේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දී ඇත.

රූමි මොහොමඩ්ට රට යෑම තහනම් කරමින් ඊයේ (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක්ද නිකුත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස