ස්වාධීන අධිකරණ කොමිසමේ රෙදි ගැලවෙයි! විනිසුරු පිලපිටිය රංජන් කළ තර්ජන පැමිණිලි කළත් ස්වාධීන කොමිසම සද්ද නැතිව ඉඳලා! – (video)

January 14, 2020 at 3:38 pm | by emanisa.lk

වත්මන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට කොළඹ මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතුකරන සමයේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් මරණ තර්ජන සිදුකර ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

යහපාලන ආණ්ඩුය සමයේ කොළඹ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ගිහාන් පිලපිටියට දුරකතන මාර්ග ඔස්සේ තර්ජජනය කරමින් පවසා ඇත්තේ තම ආණ්ඩුව සමයේ තීන්දු දිය යුත්තේ තමන්ට උවමනා ආකාරයට බවත් කලින් ආණ්ඩුවේ සියලු දෙනා බන්ධනාගාරගත කළ යුතු බවත්ය.

එසේ නොකරන්නේ නම් වැඩ වරදින බවය. මේ අතර ගිහාන් පිලපිටිය මරා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විත්තිකරුවන් දෙදෙනෙකු ද අධිකරණයට පාපෝච්චාරණය කර තිබේ. මේ පිළිබඳ 2015 වසරේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා ස්වාධීන අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළ ද එමගින් කිසිදු තීන්දුවක් ගෙන නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස