වෙළෙඳපොළට සහල් අස්වනු ලැබීමට අවුම වශයෙන් තව මාස දෙකක් ගත වනු ඇති බව ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
මෙයට හේතුව පසුගිය රජය කලට වේලාවට ගොවි ජනතාවට කුඹුරු කිරීම සඳහා ජලය නිකුත් නොකිරීම බව ද පෙන්වා දුන්නේය.
කෙසේ වුවද සම්බා කිලෝවක් රු. 99කට සහ නාඩු කිලෝවක් රු. 98කට වඩා වැඩි මිලකට සහල් මිල දී නොගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට පෙර කී මිල ගණන් උපරිම සිල්ලර මිල ලෙස ගැසට් කර තිබේ.