සමාජයේ කොරෝනා පැතිරෙන කතා බොරු! කන්දකාඩුවෙන් බෝවුණේ ආශ්‍රිතයන් 24කට පමණයි! – හමුදාපති

July 15, 2020 at 5:24 pm | by emanisa.lk

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් සොයා සෞඛ්‍ය නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කිරීමේදී, එම කි‍්‍රයාවලි සම්බන්ධයෙන් මහ ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඇතැම් ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බවට ඇතැමුන් ප‍්‍රකාශ කළ ද ඒවායේ සත්‍යතාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින සහ එහි උපදේශකවරුන්ගේ ආශ‍්‍රිතයින් අතරින් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ 24 දෙනෙකු පමණක් බව ද යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති ඇති සමස්ත පුද්ගලයින් ගණන 2,665 කි. ඒ අතරින් 1,988 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් 666 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන ආයතනයෙන් එහි රැඳවියන් සහ ආශ්‍රිතයන් පිළිබඳ සිතියමක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස