සමන් රත්නප්‍රිය එජාපයට! සාධාරණ සමාජයක් හදන්න රනිල්ගෙන් ඇරයුම්!

February 9, 2020 at 8:07 am | by emanisa.lk

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන හත්දෙනකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආරාධනා කර ඇත.

රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග, කරුණාරත්න පරණවිතාන, සමන් රත්නප්‍රිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම ආරාධනාව සිදුකර ඇති බව වාර්තා වෙයි.

සමන් රත්නප්‍රිය දින කිහිපයකට පෙර එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවය පත් කළ අතර කෝටි 2ක පමණ නිල රථයක් ද ඇනවුම් කර තිබේ.

කෙසේ වුවද අදාළ පිරිස මෙතෙක් එජාපයට සම්බන්ධ වීමට තීරණයක් ගත් බවට නිල වාර්තා නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස