සජිත් පක්ෂය දෙකඩ කිරීම වළකා රනිල් දේශපාලනයෙන් සමුගනී!

November 23, 2019 at 9:53 am | by emanisa.lk

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණ පරාජය සමග විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමි විය යුතු බවට සහ එසේ නොවන්නේ නම් වෙනත් පක්ෂයක් පිහිටු වන බවට සජිත් පාර්ශවය ගෙන යන අරගලය සමථයකට පත් කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම පාර්ලිමේන්තුවේ වාරාසනය වන විට සිය වසර 42ක දේශපාලන ජීවිතයට සමු දීමට හිටපු අගමැතිවරයා තීන්දු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය රැකගත හැකි නායකයකුට නායකත්වය භාරදීමට ද ඔහු තීන්දු කර තිබේ. ඒ නායකයා සජිත් ප්‍රේමදාස ද යන්න මෙම පුවත වාර්තා කළ එජාප වෙබ් අඩවිය තහවුරු කර නොමැත.

මේ අනුව එළඹෙන මහා මැතිවරණය දක්වා එජාප නායකත්වය සහ විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහ දරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. කෙසේ වුවද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බව මන්ත්‍රීවරු 45කගේ අත්සන් සහිත ලිපියක් පසුගියදා කතානායක වෙත යොමු කෙරණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස