එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට දැනට ලබාදෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර පමණක් බවත් පක්ෂ නායකත්වය තවදුරටත් තමන් විසින්ම දරන බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ පසුගියදා පැවති එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසකගේ හමුවකදීය.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා වශයෙන් වැඩ කර පෙන්විය යුතු බවත් ජාතික තලයෙහි දේශපාලන නායකයකු වශයෙන් ඔහුගේ කාර්ය සාධනය අනුව පක්ෂ නායකත්වය ඔහුට හිමිවන්නේද යන්න තීරණය වනු ඇති බව රනිල් වික්‍රමසිංහ එහිදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.
ජේ. ආර්. ජයවර්ධන. ආර්. ප්‍රේමදාස යන නායකයින්ගෙන් පසු තමන් එජාපය වසර 25ක් තිස්සේ රැකගත් බව සිහිපත් කර ඇති වික්‍රමසිංහ එය නාස්ති වීමට ඉඩ දිය නොහැකි බවත් ඊළඟ නායකත්වය ලබාගැනීමට නම් ඒ වගකීම දැරීමට අදාළ හැකියාව ඔහු ඔප්පු කර පෙන්විය යුතු බවත් අවධාරණය කර තිබේ.