සියලු ප්‍රශ්න විසඳුණා! සජිත් අපේක්ෂකයා! ඔහු දිනවනවා! – ඇමති නවීන් අරලිය මැදුරේ සිට කියයි…

September 26, 2019 at 1:32 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ සියලු ගැටලු නිරාකරණය කරගැනීම හැකි වූ බවත් එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස බවත් ඇමති නවීන් දිසානායක පවසයි.

අරලියගහ මන්දිරයේ සිට සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ද ඔහු සිය ගිණුමට එකතු කර තිබේ. මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, රාජිත සේනාරත්න ඇතුළු එජාප ප්‍රබලයන් පිරිසක් සහභාගී වී ඇත.

ඇමතිවරයා ඉංගිරිසියෙන් තබා ඇති සටහනේ සිංහල අර්ථය මෙසේය.

“සියලු ප්‍රශ්න විසඳුණා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති අතර අපි සියලු දෙනාම ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කරනවා. සුබ පැතුම් SP!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස