ශ්‍රී ලංකාව සාර්ථක ගමනක! අද නව කොරෝනා රෝගීන් නෑ!

March 25, 2020 at 7:29 pm | by emanisa.lk

අද (25) හවස 4.30න් ගෙවුණ පැය 24 තුළ ලංකාවෙන් කිසිදු අලුත් කොරෝනා රෝගීන් කිසිවෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ජනතාව රජයේ උපදෙස් අනුව කටයුතු නොකළහොත් මෙම තත්ත්වය වහා වෙනස් විය හැකි බවත් එහෙයින් ජනතාව නිතරම මීටරයක පරතරය තබා ගන්නා ලෙසත් භාණ්ඩ ගැනීමට වෙළෙඳපොළකට යන විට සහ ඉන් පිටවන විට ද දෑත් සෝදා ගන්නා ලෙසත් ඇමතිවරිය ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස