ශ්‍රිලනිප පොහොට්ටු සාකච්ඡාවලදී ප්‍රතිපත්ති 25ට එකඟ වෙයි! පොහොට්ටු සලකුණ නිසාම ගෝඨාට සහාය නොදේනම් තවත් ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් පොහොට්ටුවට!

September 16, 2019 at 2:57 pm | by emanisa.lk

නව සන්ධානයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා අවසන් එකඟතාවකට පත් නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මේ වනවිට කැමැත්ත පළ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදාළ ජ්‍යෙෂ්ඨයන් පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.

මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ‘පොහොට්ටුව’ ලකුණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව හැර ප්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවක් සඳහා දෙපාර්ශ්වය විසින් මේ වනවිට එකඟතාවට පත්ව ඇතිව බවද සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස