අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා පොහොට්ටුවට යන්නේ නෑ කියලා කියන්න බෑ! – ශ්‍රීලනිප උප සභාපති

September 5, 2019 at 10:07 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු නොවන්නේ යැයි ස්ථිරවම කීමට තමන්ට නොහැකි බව ශ්‍රීලනිප උපසභාපති මහින්ද අමරවීර පවසයි.

“අපට කියන්න බෑ මේ ඉන්න කවුරුත්, මේ වීරකුමාර මන්ත්‍රීතුමා හෙට මොන තීන්දුව ගන්නවද නැත්තං මම මොන තීන්දුව ගන්නවද කියන එක නෙවෙයි. නමුත් මම හිතන විදියට නම් එතුමාගේ තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.” යැයි අමරවීර ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස