මෛත්‍රීට බෑ! මහින්ද නිමල්ට කියයි!

February 2, 2019 at 12:23 pm | by admin

මේ වන විට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් එළඹෙන ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති පොදුජන පෙරමුණ පෙරටු කරගත් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා දැන ගැනීම බොහෝ දෙනාගේ අරමුණ වී තිබේ. ඒ 2020 ඇරඹෙන වසර පහක කාලය ඔහු හෝ ඇය විසින් පාලනය කරන හෙයිනි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය ප්‍රමුඛ පෙරමුණෙන් එහි නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවට ඊයේ අනුරාධපුර පක්ෂ ප්‍රතිසංවිධාන සමුළුවේ දී දුමින්ද දිසානායක කළ යෝජනාවක් සම්මත විය. එහෙත් එහිදී නිමල් සිරිපාල, දුමින්ද දිසානායකට පවසා ඇත්තේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වන කටයුතුවලින් වළකින ලෙසය. එසේම කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා මේ මොහොතේ නම් කරන පුද්ගලයන් සතුරාගේ අරමුණු ඉටු කරන්නේ යැයි නිමල් සිරිපාල ප්‍රසිද්ධියේ චෝදනා කළේය.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් මෛත්‍රීට නැති බව හිටපු ජනාධිපති විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වාට පැවසීම මෙයට හේතුව බවට රාවයක් පැතිර යයි. මේ කතාබහ සිදුව ඇත්තේ පසුගිය දා රෝහිත රාජපක්ෂගේ මංගල උත්සව අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *