ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයට 2/3 ලැබෙන පෙරනිමිති පහළ වෙලා! – මුතුහෙට්ටිගම

March 11, 2020 at 10:23 am | by emanisa.lk

ඉදිරි මහමැතිවරණයේදී ආසන එකසිය පනහක බලය සමගින් තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා පෙර නිමිති පහළ වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

නෙළුව අතුරේගෙදර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඊයේ (09) පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හෙතෙම මෙසේද පැවසීය.

“පක්ෂ දේශපාලනයේ වම ශක්තිමත් වෙලා දකුණ කුඩුපට්ටම් වෙලා රනිල් වික්‍රමසිංහලා සජිත්ලා එළිපිට මොරදිදී රණ්ඩු වෙද්දී මේ රටේ ජනතාවට අනාගතය සුබ වෙන්න සෞභාග්‍යමත් රටක් බිහි කරන්න තුනෙන් දෙකක පෙර නිමිති අපිට දැන් පේනවා.

තුනෙන් දෙකක් ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන සන්ධානයේ අපි ගන්න ලෑස්තියි.

මේ රටේ ඉදිරි අවුරුදු පහ බලය පතුරුවනවා වගේම පහෙන් නෙමෙයි දහයෙන් නිම නොවන ගමනක් යන්න ලෑස්තියි.

ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්සත් ජාතික පක්ෂයට සමගි බලයට ලකුණ නෙමෙයි මුකුත් එකතු කරගන්න බැරි වෙනවා.

චන්ද එකතු කරන්න ඉඩ ලැබෙන්නෙත් නැහැ. ඉතිහාසයේ අලියා ලබන අන්ත පරාජය මේ මැතිවරණයේදී ලබනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස