මුතුහෙට්ටිගම කලබල වෙයි! පොහොට්ටු වේදිකාවට ගොඩ වී නව පිම්මකට සැරසෙයි!

August 10, 2019 at 5:55 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ (9) පස්වරුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ගෝටාභය රාජපක්‍ෂ හෝ බැසිල් රාජපක්ෂ මුණගැසීම සඳහා ඉතාම හදිසියේ උත්සුක වී ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ විරෝධී අපේක්ෂකයා සිටින කඳවුරට තමන් එක්වන බව ඔහු මහින්ද පාර්ශවයේ පිරිස් සමග පවසා ඇත.

අගෝස්තු 11 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය සඳහා එක්වීමට ද ඔහු උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි.

මීට දින දෙකකට පමණ පෙරද ඔහු ශ්‍රිලනිප පාර්ශ්වය වෙනුවන් දැඩිව පෙනී සිටියෙකි. එළඹෙන මහ මැතිවරණයකදී සිය අසුන රැක ගැනීමට ද ඔහුට දැඩි සටනක් දීමට සිදුව ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස