මෛත්‍රීි දෙවෙනි වතාවටත් ජනාධිපති වෙනවා! – මුතුහෙට්ටිගම

February 17, 2019 at 11:43 am | by admin

ශ්‍රීලනිපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බවත් ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම වසයි.

ගාල්ලේ අද (17) පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

“මැතිවරණයට කලින් පුළුල් සන්ධානයක් බිහිවෙනවා. ජනාධිපතිවරණයට අපි භය නැහැ. එ.ජා.ප ජනාධිපතිවරණ අපේක්ෂකයා තමයි අපේ පොදු හතුරා. පොදු සටනකට ගිහින් ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කරන්නේ අපි. ශ්‍රි ල.නි.පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පුළුල් සන්ධානයේ අපෙක්ෂකයා හැටියට එතුමා මෙවරත් ජනාධිපති ධුරයට පත්වෙනවා. මේක කියන්න සමහරක් අය භයයි. ඇඹරෙනවා. ඇඹරෙන්න දෙයක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයා.”

“ශ්‍රි.ල.නි.පක්ෂයේ සභාපති වර්තමාන ජනාධිපතිතුමා අයින් කරලා ගොඩනගන සන්ධානය මොකක්ද? එහි නායකත්වය අපේක්ෂකත්වය ජනාධිපතිතුමාට දෙන්න ඕන. එතුමාට නොදි කරන්න බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *