මහ ඡන්දෙන් එජාපය ආසන 60ක් නෙමේ 80කට වඩා ගන්නවා! – බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

February 13, 2020 at 10:08 am | by emanisa.lk

තමන්ගේ කන කපා සජිත්ට දීමට නොව හැකි නම් පාර්ලිමේන්තු ආසනය රැක ගැනීමට නිශාන්ත මුතුහෙට්ටිගම ක්‍රියා කළ යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

එජාපය එළඹෙන මැතිවරණයේ දී ආසන 60 ගණනක් නොව ආසන 80කට වඩා ගන්නා බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එජාපය මහ මැතිවරණයේ දී ආසන 65කට වඩා ගතහොත් තමන් කන කපා ගන්නා බවට නිශාන්ත මුතුහෙට්ටිගම සිදුකළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස