ගෝඨාභය ජනාධිපති කළේ අපි! මහ ඡන්දෙදි ශ්‍රීලනිපයෙන් 30ක් දිනනවාමයි! – මුතුහෙට්ටිගම

December 31, 2019 at 11:42 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රීලනිපය බවත් කිසිවකුට එය නැතැයි කීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

එළඹෙන මැතිවරණයේ දී ඉතාම සුහදව කටයුතු කරන බවත් එහිදී 2/3ක බලයක් ලබා ගන්නා බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ශ්‍රිලනිපයට ආසන 30ක් ලැබෙන බවටත් අනාවැකි පළ කළේය.

එහිදී පුටුව ලකුණ යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වන බවත් පුටුවෙන් නොව කඩුවෙන් ඉල්ලුව ද ජය නියත බවත් හෙතෙම අවධාරණය කළේය.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස