විනිසුරු ගිහාන් පැමිණිලිකරු මිස චූදිතයා නෙමෙයි! ජනපති ගෝඨාභය ගිහාන් අත්අඩංගුවට ගැනීම වළකයි! අයුක්තියට එරෙහිව විමල් හඬ නඟයි!

January 25, 2020 at 7:16 am | by emanisa.lk

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය විමල් වීරවංශ මෙසේ පැවසීය.

“ඊනියා ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු නීතිපතිනෙ තාම ඉන්නෙ.

ඒ නීතිපතිතුමා ඒ කාලෙ අත්අඩංගුවට ගන්න කියපු ගමන් කරානේ.

දැන් කියනවා ගිහාන් පිලපිටිය විනිසුරුවත් දාන්නලු. මම දන්නෑ නීතිපතිතුමාට මොනවා වෙලාද කියලා.

ගිහාන් විනිසුරුට වඩා රන්ජන් රාමනායක සමඟ එකට සාකච්ඡා කරන තවත් විනිසුරුවෙක් ඉන්නවා.

එයාව ගන්න කියලා නියෝග දාන්නෙ නැහැ.

තමන්ට බලපෑම් කළා කියලා පැමිණිල්ල දාපු කෙනා, එයාව අත්අඩංගුවට ගන්න කියලා කියනවා.

රන්ජන් විනිසුරු ගිහාන්ට ෆවුසිව පැයකට හරි ඇතුළට දාන්න කියනවා. විනිසුරු එහෙම කරන්නෙ නැහැ.

එතුමා පැමිණිල්ලක් දානවා. පැමිණිල්ල දාපු විනිසුරුට එහෙම කරන්නෙ කොහොමද?

එහෙම නීතිපති කෙනෙක් යටතේ අපි අවුරුදු ගාණක් හිටියා. තාමත් ඉන්නේ ඒ නීතිපතිනෙ.

ගිහාන් පිලපිටියව අත්අඩංගුවට ගන්න එපා කියලා ජනපති නියෝග කළා.

එහෙම කළා නම් බරපතළ වියවුලක් වෙනවා.

අධිකරණය බේරාගැනීමේ වගකීම අපට තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස