පොලිසිය රංජන් රාමනායකගේ නිවසට පනී! බන්ධනාගාරයට යන සූදානම් බව රංජන් කියයි….

January 4, 2020 at 6:17 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ නිවස මේ වන විට පොලිසිය විසින් හදිසි පරික්ෂාවකට ලක් කරමින් සිටිනවා. පොලිසිය විසින් මෙලෙස පරික්ෂාවට ලක් කරන්නේ මන්ත්‍රිවරයා ජිවත් වන මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාසයේයි.

බස්නාහිර දකුණ පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම විමර්ශනය සිදුකරන බව ද වාර්තා වෙයි.

තමා මේ දිනවල දූෂණයට එරෙහිව සටන් කරන අභීත පොලිස් නිලධාරියකු පිළිබඳ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බවත් තමා අත්අඩංගුවට නොගතහොත් එහි කටයුතු ඉක්මනින් අවසන් කරන බවත් ඔහු සමාජමාධ්‍ය වෙත නිකුත් කළ පණිවිඩවල සඳහන් වෙයි.

සත්‍ය කතා කළ වරදට තමන් අත්අඩංගුවට ගතහොත් බන්ධනාගාරයට මිස බන්ධනාගාර රෝහලට නොයන බවත් තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස