සරත් අඹේපිටිය වගේ මරලා දානවා! – රංජන් විනිසුරු ගිහාන්ට තර්ජනය කරලා…

January 18, 2020 at 8:50 am | by emanisa.lk

සරත් අඹේපිටිය විනිසුරුට කරන ලද දෙය ඔහුට ද කරන බව පවසමින් ගිහාන් පිලපිටිය විනිසුරුට මරණ තර්ජන කළ බවට රන්ජන් රාමනායක මහතාට චෝදනා එල්ල වෙයි.

හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කරන ලද්දේ පාතාල නායකයකු වන පොට්ට නවුෆර් විසිනි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී සෙනරත්, කපිල හෙන්දවිතාරණ සහ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ නඩු හේතුවෙන් මෙලෙස තමන්ට සහ පවුලේ පිරිසට මරණ තර්ජනය කළ බව විනිසුරුවරයා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන් කොළඹ මහාධිකරණ විනිසුරු ලෙස සේවය කරද්දී දුරකථනය මගින් සහ ලිපි මගින් ද මෙලෙස තර්ජනය කළ බවත් පාසල් යන තම පුතා සහ දියණියට ද අනතුරක් කරන බව තර්ජන මගින් සඳහන් බවත් විනිසුරු සඳහන් කරයි.

එමෙන්ම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සහ මාරවිල මහේස්ත්‍රාත්වරිය වෙත සැකකරුවන් දෙදෙනෙකු කරන ලද පපොච්චරණයකින් තමන් ඝාතනය කිරීමේ උත්සාහය පිළිබඳව වාර්තා වූ බවත් විනිසුරුගේ පැමිණිල්ලේ සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස