රංජන් සමග කුමන්ත්‍රණය කළ විනිසුරුවරුත් වැලිකඩට! විනිසුරු ගිහාන් අත්අඩංගුවට ගන්න නියෝග CIDයට උපදෙස්!

January 23, 2020 at 8:55 pm | by emanisa.lk

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබේ.

ඒ විනිසුරුවරයා ,මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි.

රන්ජන් රාමනායක අධිකරණ විනිසුරුවරු සහ මහේස්ත්‍රාත්වරු සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට අදාළව නීතිපතිවරයා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් මාලාවක් ලබාදී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න පැවසුවේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද සාක්ෂි නිර්මාණයට විමර්ශනයේ පළමු සැකකාර රන්ජන් රාමනායක සමග කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළි වී ඇති බවට  නීතිපතිවරයා උපදෙස් දුන් බවයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 102,113(අ) සහ 190 වගන්ති යටතේ වැරදි සිදුකර ඇති බව තමාගේ මතය වන බව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මාලාවේ සඳහන්ය.

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රකාශ  සටහන් කරගැනීමෙන් අනතුරුව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.

මේ අතර විනිසුරුවරුන් වන පද්මිණී රණවක ගුණතිලක,ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන අයගේ සියලුම දුරකතන අංක ලබාගෙන රන්ජන් රාමනායක සමග පැවති සියලු සංවාදවල තාක්ෂණික සාක්ෂි අධිකරණ නියෝග මත අදාළ දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාගන්නා ලෙසද නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස