විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කතා කරන්නේ ඔළුවේ අමාරුකාරයෝ! – ජවිපෙ

December 8, 2019 at 1:01 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමගම ජාතික ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාව ඉහළට එසැවීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති (7) ජාතික පුවත්පතකට පවසා ඇත.

එම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මහ මැතිවරණයේ දී කතා කළ හැක්කේ ඔලුව අමාරුවක් ඇති අයෙකුට පමණක් යැයිද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එසේ වුවද දහනව වැනි සංශෝධනයෙන් රටට උරුම කර දුන් ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ආරක්ෂා කර ගත යුතු යැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මගින් ගෙන ඒමට උත්සාහ කළ 20 වෙනි සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස