වැල්ලම්පිටිය තඹ කම්හලේ මුදල් පාස්කු ප්‍රහාරයට යොදවලා! කම්හලට නීති කඩමින් තඹ දුන්නේ ඇමති බදුයුදීන්!

June 18, 2020 at 10:27 am | by emanisa.lk

2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සඳහා දෙස් විදෙස් තහනම් සංවිධානවලින් මෙන්ම මෙරට නිත්‍යානුකූල ව්‍යාපාරවලින් ද මූල්‍ය පහසුකම් ලැබී ඇති බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න පවසයි.

ඒ අතර වැල්ලම්පිටිය තඹ කම්හල ද වන බව ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි. මෙම කම්හලට ව්‍යාජ ලෙස ඇනවුම් ලබා ගෙන එමගින් උපයාගත් මුදල් මෙම ප්‍රහාරය සඳහා යොදා ගෙන ඇතැයි හෙතෙම පවසයි.

මෙම තඹ කම්හල පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සතු වූ අතර ඔහු ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ පුතෙකි.

මෙම තඹ කම්හලට ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන ඔස්සේ ලැබෙන තඹ අනුමත සීමාව ද ඉක්මවමින් කිහිප ගුණයක් ලබා දීමට කටයුතු කර තිබුණේ රිෂාඩ් බදුයුදීන් යටතේ පැවති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ පැවති ආයතනයක් මගින් බව ද වාර්තා වෙයි.

මේ වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස