ලෝක නායකත්වය භාරගන්නැයි රනිල්ගෙන් ඉල්ලයි! ලෝක ඉල්ලීම සලකා බලන්න රනිල් සූදානම්!

December 9, 2019 at 11:26 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරයට යෝජනා වී ඇති බව ඔහුගේ සමීපතමයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග පවසයි.

මීළඟ වාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස එම සංවිධානය වෙතින් යෝජනා කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම එම තනතුර භාර ගැනීම වඩාත් සුදුසු බව තමාගේ පෞද්ගලික අදහස බවත් පැවසූ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලෝක මට්ටමින් බලපෑම් කළ හැකි එවැනි තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවීම රටට ඉමහත් ගෞරවයක් ගෙන දෙන කාරණයක් බවයි.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා ඇත්තේ එවැනි කාරණයක් පිළිබඳ තමන් මේ දක්වා දැනුම්වත් වී නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස