සියලු දෙනාගේ ආශීර්වාදය ලැබෙනවා නම් එජාප ජනාධිපති අපේක්ෂක වෙනවා! – කතානායක කරූ

June 17, 2019 at 7:38 am | by emanisa.lk

සියලු දෙනාගේ ආශීර්වාදය ලැබෙන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සලකා බැලීමට සූදානම් යැයි කතානායක කරූ ජයසූරිය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තම නම නිතර සඳහන් කරන බවත් ඒ සඳහා බොහෝ දෙනකු තමන්ට ආරාධනා කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මේ පිළිබඳ තමන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර නොමැති බව ද එවැනි අදහසක් නොමැති බව ද පෙන්වා දුන් කතානායකවරයා පක්ෂයේ වෙන අයකු සඳහා එම අවස්ථාව ලැබෙන්නේ නම් එය උදුරා ගැනීම අවශ්‍යතාවක් නැතැයි ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වුවහොත් ජාතික සමගිය ගොඩනඟන වැඩපිළිවෙළක් රට හමුවේ තබන බවත් පාස්කු ප්‍රහාරයට පසු ඇති වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර පිටුපස දේශපාලන පසුබිමක් ඇති බවත් බීබීසී සිංහල සේවය සමග පැවැත් වූ සාකච්ඡාවක දී කතානායක කරූ ජයසූරිය පවසා ඇත.

පසුගියදා එජාප ප්‍රබලයකුගේ මැදිහත්වීම මත පැවැත් වූ සමීක්ෂණයක් මගින් එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස වැඩිම ආකර්ශනයක් දිනාගෙන තිබුණේ ද කරූ ජයසූරිය කතානායකවරයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස