ලංකාව පැරදෙද්දී නිලධාරීන් කාර් කොම්පැනි ගත්තේ කොහොමද? – මහින්දානන්ද

June 19, 2020 at 10:18 pm | by emanisa.lk

2011 ලෝක කුසලානය පාවාදීමේ සිද්ධියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සම්බන්ධ යැයි තමා කිසිවිටක නොකී බව එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එහෙයින් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඒ පිළිබඳ කලබල වන්නේ මන්දැයි තමන්ට අවබෝධ කරගත නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.

2011 වසරේ තරඟ පාවා දීමත් ලංකාව ලෝක කුසලානය පරාජයට පත්වී වසරක් ඇතුළත ඇතැම් ක්‍රිකට් නිලධාරීන් කාර් කොම්පැනි මිලයට ගත් ආකාරය සහ නව ව්‍යාපාරය ආරම්භ කළ ආකාරය පිළිබඳවත් තමන් 2012 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලියට පැමිණිලි කර විමර්ශනයක් ඉල්ලා සිටි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස