ක්‍රිකට් ක්‍රීඩකයෝ කිරිපිටි පැණි බීම ක්ෂණික නූඩ්ල්ස් විකුණලා පිළිකා රෝහල් හදන්න පාරේ ඇවිදිනවා! – GMOA මහේල සංගාගේ පැටිකිරිය දිග අරී… (video)

January 14, 2020 at 10:19 pm | by emanisa.lk

ක්‍රිකට් ක්‍රීඩකයන් තමන් දිනාගත් නම අවභාවිත කර කිරිපිටි, ක්ෂණික නූඩ්ලස් වර්ග ප්‍රවර්ධනය කරන අතර දෙදෙනාම එකතු වී විස බීම වර්ග ප්‍රවර්ධනය කරන බවත් අනතුරුව සියලු දෙනා එක්වී පිළිකා රෝහලක් තැනීමට පාගමන් යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කිරිපිටි, නූඩ්ලස් සහ ක්ෂණික බීම වර්ග ප්‍රවර්ධනය කරමින් ජනතාව බෝ නොවන රෝගවලට ගොදුරු වීමට අවස්ථාව මාර්ගය විවර කර පිළිකා රෝහල් මදි බව පවසමින් පාගමන් යාම විහිළුවක් බව එම සංගමයේ වෛද්‍ය නවීන්ද සොයියා සඳහන් කරයි. රටේ පවතින පිළිකා රෝහල් ප්‍රමාණවත් නොවන්නේ මේ ක්‍රිඩකයන් ජනතාව පිළිකා රෝග වෙත ගොදුරු කිරීමට අනුබල දෙන නිසා බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ රටේ වෙළෙඳ දැන්වීම් නියාමනයක් නොමැති බවත් තමන්ට සල්ලි ඇත්නම් රූපවාහිනී සහ පුවත්පත් මාර්ගයෙන් ඕනෑම දෙයක් ප්‍රවර්ධනය කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. එහෙයින් රජය මැදිහත් වී මේ රටේ වෙළෙඳ දැන්වීම් සම්බන්ධව පාලනයක් ඇති කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් ද තමන්ගේ රට ජාතිය පිළිබඳ සිතා කටයුතු කළ යුතු බවත් අපේ රට කුඩා වුවද ලෝකයේ හතර වෙනියට කිරිපිටි ආනයනය කරන්නේ ලංකාවට ද බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස