2011 ලෝක කුසලානය පාවදුන්නා කියලා අර්ජුනත් කීවා! අවසන් තරඟයට ක්‍රීඩකයන් තෝරාගැනීමේ සිට සැකකටයුතු සිද්ධි ගණනාවක් වුණා! – මහින්දානන්ද (video)

June 18, 2020 at 9:52 pm | by emanisa.lk

2011 ලෝක කුසලානය තරඟ පාවා දීමක් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ද හඳුන්වා ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව වටය දක්වා ඉතාම හොඳින් ක්‍රීඩා කළ බව සඳහන් කළ එවක ක්‍රීඩා අමාත්‍ය අලුත්ගමගේ අවසාන තරඟය සඳහා සහභාගී කරවූයේ තේරීම් කමිටුව මගින් තෝරා ක්‍රිකට් පාලක මණ්ඩලය ඇමතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ කණ්ඩායම නොවන බවද ඔහු හෙළිදරව් කළේය.

අවසාන තරඟය සඳහා තේරීම් කමිටුව තෝරා අනුමැතිය ගත් කණ්ඩායමේ නොසිටි හතර දෙනෙක් එදින උදෑසන ක්‍රීඩාපිටියට ගිය විට ක්‍රිඩාකරනු දුටු බව ද ඔහු සඳහන් කරයි.

අවසාන මොහොතේ ලංකාවේ සිට ක්‍රීඩකයන් දෙදෙනෙකු රැගෙන ගිය බවත් ඒ සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හෝ ඇමතිවරයාගේ අනුමැතියක් නොලැබුණු බවත් එවක ක්‍රීිඩා ඇමතිවරයා වැඩි දුරටත් අනාවරණය කළේය.

ක්‍රීඩකයන් තෝරා ගැනීමේ සිට සැකකටයුතු අවස්ථා ගණනාවක් පිළිබඳ තමන්ට පැමිණිලි ලැබුණු බවත් ඒ අවස්ථාවේ දී තරඟ පාවා දීමේ දී දඬුවම් ලබාදිය හැකි පනතක් එතෙක් මෙරට නොතිබුණු බවත් තමන් ඊළඟට සිය පළමු කාර්ය ලෙස තරඟ පාවාදීමේ පනත සැකසූ බවත් අද වන විට එය ක්‍රියාත්මක බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස