ලංකාවේ දිනක වැඩි ම ආසාදිතයන් ගණන අද! රාත්‍රී 10 වන විට ආසාදිතයන් 866ක්!

October 23, 2020 at 11:00 pm | by emanisa.lk

අද දින රාත්‍රී 10 පමණ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 866 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ ලංකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩි ම ආසාදිතයන් සංඛ්‍යාවයි.

මේ පිරිස අතරින් 865 දෙනෙකු මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ බව හඳුනා ගෙන ඇති අතර එක් අයෙකුට රෝගය වැළඳුණු ආකාරය මෙතෙක් හඳුනා ගෙන නොමැත.

මේ වන විට ලංකාවේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් 3495 දෙනෙකු සිටින අතර මෙ රටින් වාර්තා වූ සම්පූර්ණ රෝගීන් ගණන 7153කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස