අතේ තියෙන්න දහයේ කාසි දෙකයි! දරුවා බිස්කට් ඉල්ලනවා! – මිනුවන්ගොඩින් සිරසට ඇමතුමක් ..

October 15, 2020 at 7:48 am | by emanisa.lk

කොරෝනා ආරම්භ වෙද්දී තමන් අත තිබුණේ රුපියල් හයසීයක් පමණක් බවත් දැන් ඇත්තේ රුපියල් දහයේ කාසි දෙකක් පමණක් බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කියාසිටියේය.

එම නාලිකාවේ ‘දවස’ වැඩසටහන සමඟ එක්වී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන වෙත එම පුද්ගලයා කියා සිටියේ තම දරුවා මේ වන විට තමන්ගෙන් බිස්කට් ඇතුළු විවිධ දේ ඉල්ලමින් සිටින බවත් දැන ඒවා ගෙන දීමට හැකියාවක් නැති බවත් ය.

ඒ නිසා මේ තත්ත්වය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් ජනතාව කොරෝනා නිසා නොව බඩගින්නේ මිය යනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බලන බවත් පොදුවේ එම තත්ත්වය ගැන ඉතා සැලකිල්ලෙන් කළ හැකි සියල්ල සිදු කරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස